වියලි හිත්

මේ හිතත් දැන් හරිම වියළියි 
ඉරි තැලුණු හදවතක් 
පැලැස්තර මහ ගොඩක්
බරම බර උණු කඳුළු වියැකී 
විඩාබර නෙතු පියන් 
අඳුර සොයනා හැඩක්
ඔරලෝසු කටු අතර සිරවී 
ගැහෙන තව හදවතක් 
නොදැන දිවි නිමාවක්

Comments