කම්මැලි දවස්

මෙහෙමත් දවස් තියෙන්නෙම 
හිත ඔහේ දුවවන්න 
ඔරලෝසු කටු මැදින් 
පැන ඇවිද ඉගිලෙන්න
කවුළුවක් කෙළවරක 
අඳුරු අහසක හවස 
සියොත් ගී අසමින්ම 
උන් එක්ක ඉගිලෙන්න
හිතින් ..ඔව් අයාලේ දුවන මේ හිතට තටු ඇවිත්

දුම් දමන තේක මැද 
විස්කෝතු ගිල්වන්න 
ඇසිල්ලෙන් යලි හිතින් 
දුර ඈත දිව යන්න
කෝ මගේ විස්කොතුව ? ආයෙත් ගිලගෙනද ? නපුරු තේ කෝප්පය ...

කවුරුත්ම නැති හවස 
නෑ ඉඩක් තනිකමට 
ගුලි වේවි නුඹ නිදියි 
පා ලඟින් උණුහුමට
ටිමී .. ටිමී .. ටිමී .. ආයෙත් නිදිනෙ ..කම්මැලි ටිමිය

මෙහෙමත් දවස් තියෙන්නෙම 
අරමුණක් නැතිව ඔහෙ 
හිතට යන්නට දෙන්න 
අයාලේ නිදහසේ
මගේ ලෝකෙක ඉන්න
සිමා මායිම් නැති මගේම විසල් ලොවක ..මගේම මනෝ ලොවක


Comments