සඳට කියමි

රිවිත් නැග එන්නෙ දින අග බැස යන්න 
සිසි ත් දැක දැකම පිටුපා සැඟවෙන්න
හෙටත් උදයේම ඒ රිවි එනු රිසිව
යලිත් ඉනු කුමට සඳ නුඹ ඔහි සැඟව

රැයක් හිස් අහස උතුරා සඳ දියර 
තරුත් නහවාවි ඝනදුරු දෙබෑ කර
තරුත් මුමුණාවි පෙම් ගී එකින් එක
එහෙත් කිම තවම සඳ පෙම් බඳිනු ඉර 

Comments